සරළව කියනවා නම් VPN කියන්නේ ආරක්ෂිතව අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන් ක්‍රමවේදයකට.
VPN හරහා ලබා දෙන වෙනත් සේවාවනුත් තියෙනවා. ඒ තමයි ඔබේ අන්තර්ජාල නිර්නාමිකත්වය (anonymity) ආරක්ෂා කර දීම, (Geo-spoof) තමන් සිටින ස්තානය සගවලා වෙනත් ස්තානයකින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන බව පෙන්වීම, අවහිර කරන ලද වෙබ් අඩවි වලට පිවිසීමට අවස්තාව ලබා දීම වගේ දේවල්.
අපි යම් තොරතුරක් දැන ගන්න හරි වෙනත් අවශ්‍යතාවයකට හරි Website එකකට log වෙන්න domain එක type කරනකොට ඒ request එක අන්තර්ජාලයේ තියෙන අනෙක් විශේෂිත server computers වලට යනවා. ඒවට කියන්නේ DNS නැත්නම් Domain Name Servers කියලයි. ඉන් පසුව ඔවුන් ලග තිබෙන ලිස්ට් එකෙන් අපි එවපු නමට අදාල website එකේ IP adress එක ඔවුන් නැවත අපි වෙත එවනවා..
ඉතින් මේ ක්‍රියාවලියේ තියෙන ගැටළුව තමයි අපි Translate කරලා එවන්න, domain name request එක යවන අතරතුරේදීම location එක, Operating System එක, Device එකේ වර්ගය වගේ අපේ දත්ත බොහෝ ප්‍රමානයක් අපෙන් ඔවුන් වෙත යනවා. Website එක අපේ device එකට දන්න භාෂාවකින් load වෙන්නේ මෙන්න මේ විස්තර වලට අනුවයි. ඉතින් මෙවැනි අවස්තාවක තුන්වෙනි පාර්ශවයකට (රටක රජයකට වගේ) පුලුවන් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ (Internet Service Providers) උදව් ඇතුව මේ යවන දේවල් දිහා බලන් ඉඳල තෝරගත්ත පිරිසකට තෝරගත්ත Website එකකට යන එක තහනම් කරන්න. උදාහරණයක් විදියට පහුගිය කාලේ අපේ රටේ රජය විසින් facebook තහනම සිදු කලේ මේ විදියටයි. ඒ වගෙම තවත් පිරිසකට පුලුවන් මේ දේවල් පාවිච්චි කරලා ඔයාව හරියටම ඉලක්ක කරලා advertising වගේ දේවල් කරන්න.
ඉතින් VPN software එක අතරමැදියෙක් විදියට උදවුවට එන්නේ මෙන්න මේ වෙලාවටයි. අපි VPN software එකක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන විට අපේ හැම දෙයක්ම පාලනය කරන්නේ ඔවුනුයි. එහිදී ඔවුන් මුලින්ම VPN වලින් යවන දත්ත encrypt කරනවා. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයක් අතට ඒ දේවල් ගියොත් ඒ අයට බලන්න බැරි වෙන්න මාරු කරනවා.
VPN සේවා සපයන ආයතන වලට එක් එක් රටවල ඔවුන්ගේම servers තිබෙනවා. එහිදී අපි VPN software එකක් දාගත්තට පස්සේ අපි විසින් website වලට යවන්න කරන request කෙලින්ම යන්නේ ඔවුන්ගේ server එකටයි. එතනින් අපේ geographical location එක මාරු වෙනව ශ්‍රී ලංකාවෙ ඉදන් ඒ server එක අයිති රටේ VPN server එකේ adress එක විදියට. එවිට එම රටේ server එක අපිට යන්න අවශ්‍ය website එකට අපේ request එක යවනවා. එවිට අපි අතරමැදියෙක් හරහා එන නිසා අපට යන්න ඕන website එකේ server එකෙන් හිතන්නෙ අපි ඉන්නේ එම අදාල රටේ කියලයි. මෙහිදී ඉහතනින් සදහන් කල කිසිදු තහනමකින් තොරව VPN එක මගින් නිර්මාණය කර දුන් මේ අලුත්ම රහස් මාර්ගය දිගේ අපට ඕන website එක අපට ලැබෙනවා. මේ ක්‍රියාමාර්ගය කිසිදු තැනකදි නීති විරෝධී වෙන්නේ නැහැ වගෙම අපේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා වෙනවා.
ඒ වගෙම VPN භාවිතා කිරීමේ තවත් වාසි තියෙනවා. අපි පිටරටකට යනකොට ගුවන් ටිකට් පත් සහ හෝටල් වෙන් කිරීමේදී එක එක රටවල් වලට එකම journey එකට හෝටල් පෙන්නන්නෙ එක එක ගණන් වලටයි. මේ වගේ අවස්තා වල දී අපිට පුලුවන් එක එක location වලට මාරු වෙලා ටිකට් වලට සහ හෝටල් වලට යන ගණන් සංසන්දනය කරලා අඩුම එක ගන්න.
No comments:
Post a Comment